Sunday, June 12, 2011

සරසවි අර්බුධයේ සරණාගතයෝ..

පහු ගිය දවස් වල කට්ටිය අතින් බ්ලොග් ලිය වෙන්න පටන් ගත්තේ අම්බානකට.හදිස්සියේම ඒ සේරටම නැවතීමේ තිත වැටිලා වගේ.මේ චෝදනාවට වෙන කව්රු නමුත් මමත් ලොකු වැරදි කාරයෙක්. limitless එකේ වගේ පෙත්තක් තිබ්බ නම් මටත් මෙලහකට බ්ලොග් දෙතුන් සීයක් ලියන්න තිබ්බා.කොහෙද ඉතින් අච්චර chemistry degree කාරයෝ හිටියත් එහෙම දෙයක් වත් හොයා ගන්න පින නෑ නේ.(පෙත්තක් තිබ්බා නම් දනී කරන දේ.පිස්සුවක් ඇතැ බ්ලොග් ලිය ලිය ඉන්න) ඉතින් අන්තිමේදී තටඹල තටඹල ආයෙත් වැඩට බැස්ස. වැඩකට ඇති කියල කිසිම වැඩක් නැති නිවාඩු කාලේ නේද ගොඩක් ම බ්ලොග් ලියවෙන්න ඕන කියල මට හිතුනට ඒක වැරදි කියල මටත් ඉක්මනට තේරුම් ගියා.සිද්ද උනේ එකේ අනික් පැත්ත.

කාගේ කරුමෙටද මන්ද අපේ කට්ටිය පන එපා කියාගෙන  බ්ලොග් ලියන්නයි මහා රෑ  වෙනකන් facebook ආවෙයි exam දවස් වලටමයි.සමහරු කිව්වේ ඒකෙන් මානසික ආතතිය අඩු වෙනවා කියල.තවත් සමහරු කිව්වේ අඩු වෙන්න ආතතියක් තියෙන්න එපැයි කියල.කොහොම කොහොම හරි exam එක කෙලව ගත්තට පස්සේ facebook ගිහින් status update කරනකන් පුදුම නොඉවසිල්ලක් අපි හැමෝටම තිබ්බේ.status එකට වැටෙන comments දැක්කම පුදුම අතල් එකක් දැනෙන්නේ.මොකද අපි විතරක් නෙවෙයි කෙලව ගෙන තිබ්බේ.මොනවා උනත් එහෙම කෙලව ගත්ත කියපු සමහරුන්ට A+ එහෙමත් ආව.(එක ඉතින් වෙනම කතාවක්.)
තත්වේ ඔහොම වෙද්දී නිවාඩු කාලෙට උනේ ඕකේ අනික් පැත්ත.බෙහෙතකටවත් facebook එකෙන් නම් එකෙක් වත් හොයා ගන්න බැරි උනා.සමහරු එනවලු.ඇවිල්ල offline ඉන්නවලු.(ඒක තවත් වෙනම කතාවක්).ඉතින් ඒක එහෙම වෙන්නේ අයි කියල මම හිතාගෙන යද්දී මට හිතුනේ මිනිස්සු facebook එන්නේ කරන්න වෙන වැඩක් නැතිම කොට නේද කියල.exam එකට පාඩම් කරනවට වඩා නිවාඩු කාලෙට අපිට කරන්න වැඩ තිබ්බ.කරන්න කිසිම වැඩක් නැති උනාම කරේ පිස්සෙක් වගේ ඔහේ බලාගෙන ඉදපු එක.
කොහොම උනත් මම හිතාගෙන හිටියේ මේ ලිපියෙන් අපේ නිවාඩු කාලය ගැන මිසක් facebook ගැන ලියන්න නෙවෙයි.අපේ ජාතික වෘක්ෂය නා ගස උනා වගේම අපේ ජාතික පොත මුහුණු පොත උන හින්ද මට ඒ ගැන නොකියම බැරි උනා.හරි.... වල් පල් ඉවරයි.ඔන්න මාතෘකාවට බැස්ස.

"Lecturers ල ස්ට්‍රයික් කරනවලු.. සතියක් දෙකක් නිවාඩු දෙයි.."

කව්දෝ මුලින්ම කියද්දී පුදුම අතල් එකක් අවේ.mid එක ඉවර වෙලා වැඩ පටන් ගත්ත විතරයි.එත් ඉතින් සතියක් දෙකක් නිවාඩු කියන්නේ හෙනම අතල්.අනික දවසකට හරි particle කට් වෙනවා කියන්නේ කොච්චර සන්තෝසයක්ද.කට් කරපු අය විතරයි එකේ fun එක දන්නේ.ඉතින් අපි ගිනි රාමෙට නිවාඩු කාලේ ගත කරන්න ලෑස්ති උනා.film බලන්නයි trip යන්නයි එක එක විකාර වැඩ ලෝකයයි.සතියක් දෙකක් වෙනවා කියපු නිවාඩු කාලේ සති දෙකක් තුනක් උනා.තාම කට්ටියට ගානක් නෑ.තාම කට්ටිය වැඩ.මාත් ඉතින් SB ලොක්කට පින් සිද්ද වෙන්න TV series දෙක තුනක් ම බලා ගත්ත.ඔන්න ඉතින් අන්තිමේදී සති දෙක තුන, සති හතර පහ හය විදියට ගෙවිල ගියා.කට්ටියට මොකක්දෝ අමුත්තක් දැනෙන්න පටන් ගත්ත.ඉස්සර වගේ බොරුවක් හරි කියව කියව ඉන්න එකතු උනා යාලුවෝ ටික දැන් වැඩිය හම්බ උනේ නෑ.film බලපු වේගෙන්ම අලුත් ඒවා release උනෙත් නෑ.මම කලිනුත් කිව්වා වගේ පිස්සෙක් වගේ ඔහේ බලා ඉන්න පටන් ගත්ත.ජිවිතේ පලවෙනි වතාවටද කොහෙද lectures තිබ්බා නම් හොදයි කියල හිතෙන්න පටන් ගත්ත.

"නිවාඩු කාලෙට ළමයි කාලකන්නි වෙනවා"

අම්ම කිව්වා.lectures තිබ්බත් වෙන්නේ ඔය ටිකමය.අම්මල කොහෙද ඕව දන්නේ.එත් එතකොට කාලකන්නි වෙන්නේ යාලුවෝ ටික ඔක්කොම එකට නිසා ඇති වන දුක අඩු ය.යුනිටිය කියන්නේ ඒකටය. කව්රු කොහොම කිව්වත් දැන් නම් ගෙදරට වෙලා හිද ඇති වී අත.නමුත් හෙට lectures පටන් ගන්නවා යයි කිවොත් එකටත් කැමති නැත.සති ගානක් lecture note එකක් නොදැකපු නිසා හා පෑනක්  අතින් අල්ලපු කාලයක් මතක නැති නිසා සිසුන්ගේ ඔලු ගෙඩි කුජිත වී ගොස් ඇත.වරද කාගේ උවද එම අමන වැඩ නිසා වටිනා මිනිස් පැය දහස් ගණනක් අපතේ ගොස් අත.නැවත අධ්‍යාපන කටයුතු වලට හුරු වීමට සැහෙන කාලයක් ගත වනු ඇත.ආචාර්ය වරුන්ගේ ප්‍රශ්නය දෙස බලන විට සිසුන්ගේ මෙම ප්‍රශ්නය දෙසත් බලධාරීන් ගේ සිත් යොමු වේ නම් ඉතා අගනේය.

4 comments:

  1. මේකට like එකක් දාන්න විදිහක් නැද්ද?

    ReplyDelete
  2. උබනං මමමයි බං....

    ReplyDelete
  3. @සනුර, ඔය +1 කියන එක ඔබපන්..

    ReplyDelete
  4. @මද්දු, මොකද බන් ඒ?? ලොල්..

    ReplyDelete