Saturday, March 12, 2011

ආරම්බය සහ ව්යාප්තිය…

උදේ පාන්දරම අවදි වී බ්ලොග් පිටුවට යමක් ලියමි අධිෂ්ටාන කරගෙන පරිගණකය ලග හිද ගත්තද ඔලුවට එන්නේ වෙන වෙන විකාර කතාය.අඩු තරමින් ඒවා ගැන වත් මෙහි ලියන්නට සිතුවේ මගේ කතාවට කෙසේ හෝ ආරම්බයක් ලබා ගැනීමේ අරමුණෙනි.ඕනෑම දෙයක් ආරම්බ කිරීම ඉතා අපහසුය.කෙසේ නමුත් මා දැන් මේ කතාව ආරම්බ කර අවසානය. අපේ කඩය ද එසේමය. අමාරුවෙන් හෝ ආරම්බ කර හමාර ය.එහි අරම්බක සාමාජිකයින් 8 දෙනාගෙන් එකෙකු වීම පිලිබදව මා හට ඇත්තේ නිහතමානී සතුටකි. වෙල්කම් 1 දින හැන්දෑවේ  ඉහත කි 8 දෙනා විසින් ඇති කර ගත් නොසැලෙන අධිෂ්ටානයේ ප්‍රතිපලයක් ලෙස අපේ "ලොවෙත් කඩය" බිහි විනි.අපේ කඩය මෙතරම් සාර්ථක වේ යි එදින අපි සිහිනෙකුදු නොසිතුවේය.(සිහින දකින්නට හෝ අපිට එදා නිදා ගන්නට දුන්නේද නැත)
අපගේ එම නොසැලෙන,නිර්භීත අදිෂ්ටනයට හේතු වුයේ විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ ඇති ගොන් පාට් හෙලා දැකීමට අවශ්‍ය නිසාත් එම ගොන් පාට් දකින පිටස්තර ජනතාව විශ්ව විද්‍යාල වලට මෝඩයින් ඇතුලත් කර ගන්නේදැයි ප්‍රශ්න නගන නිසාත් ය. තවද වාත කාලයේදී නුවර සිසුන්ට ඇති වූ කෙනෙහිලි කම් ද අපේ කඩයට මුල් ගල තැබුවේ ය.මා කලින් සදහන් කල පරිදි අප කිසිවෙක් හැඩට වාත වී නොතිබුණද අල මීටරයට වැරදිලා හෝ සින්නෙක්ට මට්ටු උන දවසට අක්බාර් එකේදී සම්මත ක්‍රමයට ප්ලේන් ටි එක නොබී ගෙදර බත් කනු හමාර .එසේ කලාතුරකින් අපේ කඩේ කෙනෙකු වාතෙට මට්ටු උන විට ඔවුන් අපව ඇමතුවේ "මු අර අහවල් ඉස්කෝලේ අහවල් එකා" ආදී වශයෙන් ශුද්ද සිංහල  නාම විශේෂණ පද යොදාය.ප්‍රසිද්ද පාසල් කෙරෙහි ඔවුන් තුල ඇති නොහැකියාව මත පදනම් වූ පැහැදිලි ඉරිසියාව එම වැකි තුලින් අපට මානව පැහැදිලි විය.ඒ සියල්ලටම අපේ කඩය මනා පළිතුරක් විය.
නමුත් අපේ කඩේ කෙල්ලන්ගේ තත්වය මිට හාත්පසින්ම වෙනස් විය.ඔවුන්ට වාත කාලයේදී උදේ 7ට වුස් ගියේ නැත්නම් කාවේ නෑ වගේලු ය.මා මෙහි නාම සදහන් කිරීමට අකමැති අපේ එක ශිෂ්‍යාවක් ජේෂ්ටතුමට පැවසුවේ අවසාන මගී ප්‍රවාහන රථය පිටත් වන්නේ සවස 6.30 බැවින් තව පැය බාගයක් වාත විය හැකි බවය.(දන්නෝ දනිති.නොදන්නෝ අසා දැන ගන්න :D) නමුත් අප කෙසේ වාත වුවද අප කිසිවෙක්ට ගොන් මොරාල් නැත.නිදහස් අද්‍යාපනය සුරකින මුවාවෙන් විවිද පටු අරමුණු ඉටු කර ගන්නා අයවලුන්ට කඩේ යාමේ වුවමනාවක් ද නැත.අපේ කඩේ කෙනෙකුට තිබිය යුතු මුලික සුදුසුකම් ඒවා ය.
ගලින් ගල තබා බැම්ම බදින්නේ කෙසේද එසේම අපේ කඩයට දිනපතා සාමාජිකයින් රොක් විය.ගොන් මොරාල් පිරිස් එල්ල කරන ගල් මුල් ප්‍රහාර වලට නොසැලී තව තවත් ශක්තිමත් වෙමින් අප ඉදිරියටම ගමන් කළහ.කුණු ඇති තැනට කුණු යි කීවද අපේ උතුම් අල මීටර් අදහස් ඇති පිරිස් එකට එකතු විය :D ඒ පිරිස් අතර අනාගත විද්‍යාඥයින්,මැජික් කරුවෝ,දේශපාලනඥයෝ,ක්‍රීඩකයෝ,ජෝකර්ලා ආදී විවිද ක්ෂේත්‍ර වල අය සිටිති.(මේ යන විදියට උපාධිදාරින් නම් සිටි දැයි සැක සහිතය :D)
මේ සෑම දෙනාගේම කැප වීම හා උනන්දුව නිසා අපේ කඩය තව තවත් ව්‍යාප්ත කර සෑම විශ්ව විද්‍යාල ශිෂ්‍යාම අප මෙන් සිතා බලන දිනයක් දැකීම අපේ සිත් වල ඇති අහිංසක බලාපොරොත්තුවකි.එවිට තව දුරටත් බෝඩ් උස්සාගෙන ලිප්ටන් වට රවුමේ හෝ ගලහ හන්දියේ උපවාස කිරීම ඉතිහාසයට පමණක් ඉතිරි වේවි. එදින ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වනු නොඅනුමානය.