Wednesday, February 23, 2011

අපේ කඩේ-හැඳින්වීම..

කඩයක් කිවූ සැනින් කෙනෙකුට මතකයට එන්නේ විවිධ බඩු බාහිරාදිය විකුණන්නට තබා ඇති ස්ථානයක් ය. තවද කඩයක් කිවූ සැනින්  මුදලාලි මතක් වෙයි.  මුදලාලි කියූ විට මතකයට එන්නේ සරමක් හා බැනියමක් හැඳ ගත බඩ තඩි කෙනෙක් ය(ඒ ඉස්සරය.දැන් මුදලාලි ල කෙට්ටුය ).කළු කඩ හා සුදු කඩ යනුවෙන් වර්ග දෙක කි.මම ඉස්සර හිතුවේ කළු කඩ යනු කළු පාට  කඩ කියාය.බැලුවම එහිත් වරදක් නැත. සමුපකාර කඩේ, සුපර් මාර්කට් කඩේ,පාන් කඩේ,නයිට් කඩේ, හන්දියේ කඩේ,එළවලු කඩේ, හැටේ කඩේ ආදී වශයෙන් විවිද කඩ වර්ග තිබේ.(හැටේ කඩේ ට ඒ නම හම්බුනේ එහි විකුණන්නට ඇති DVD යක් රුපියල් හැට නිසාය.) සුපර් මාර්කට් කඩේට යන්නේ ලොකු ලොකු පොෂ් උදවියය.නමුත් එහි විකුණන්නට ඇත්තේද සමුපකාරයේ ඇති බඩුමය.කැම්පස් අපි නම් කැමතිම කඩය "කිරි හල" ය.ඒ එහි විකුණන්නට ඇති අයිස්  ක්‍රීම් 1 නිසාය.නමුත් එකෙත් ගාන දැන් වැඩිය. 

 කඩ වල බඩු විකුනන්නේ මුදලටය.ලොකු කඩ වලට  නම් credit card ඩුත් accept කරයි.නයට දෙන්නේ එහෙමත් කඩයකය.හැමෝටම නයට දෙන්නේ ද නැත. සමහර කඩ වල මුදලාලිලද කඩේට බඩු ගන්නේ නයටය.නමුත් ඔවුන් නයට දීමට කැමති නැත.ඒ නයට දීමෙන් මිතුරා කෙසේ වෙතත් මුදල නැති වෙන නිසාය.තවත් සමහර කඩ වල නයට බඩු දෙන්නේ  දෙන්නේ හෙට ය.එවිට බඩු ගන්නට එන්නට ඕන හෙට ය.

මා මේ කෙහෙල්මල් කඩයක් ගැන කියවන්නේ "අපේ නුවර කඩේ" ගැන කියන්නට ඕන නිසාය.මක් නිසාද යත් ඉහත කි කිසිම කඩයක් අපේ කඩේ වාගේ නොවන නිසාය."අපේ නුවර කඩය" සැදී ඇත්තේ "ලොවෙත් ඩයල්" විසි ගණනකිනි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොවෙත් ඩයල් ය.ඒ ලොවෙත් ඩයල් අතරට ගැහැණු ළමුන් 5ක් ද අයත් වෙති. බාල මහලු ගැහැණු පිරිමි සියල්ලෝම අපේ කඩය නියෝජනය කරති.මෙය විශේෂ ජාතියේ කඩයකි. මුළු විශ්ව විද්‍යාල පද්ධතියටම ඇත්තේ 1. අපි එම "ලොවෙත්" කඩයේ සාඩම්බර හිමිකරුවෝ වෙමු.

මේ කාලයේ බොහෝ දෙනෙකුට කඩයක නම ඇසු සැනින් ඉහින් කනින් දාඩිය දමන්නට පටන් ගයි.ඒ කඩවල් වල විකුණන්නට ඇති බඩු ඒ තරම් ගණන් නිසාය. කඩ එතරම් භයානකය.නමුත් අපේ කඩේ සුන්දරය.එහෙත් අපේ සමහර බැචාලට නම් එය ඇහේ කටු අනින්නාක් වැනිය.ඒ උන් අතර සින්නොන්ට බයේ ඇති කර ගත් බොරු යුනිටිය,අපේ විදියට කියනවා නම් "ලයි හෝල්" යුනිටිය(මෙය කැම්පස් සාහිත්‍යයේ එන වචනයක් නොව අපේ කඩේ අයගේ නව නිර්මාණයකි) ට වඩා අපේ කඩේ අය අතර ඇති සිරා යුනිටිය සිය දහස් ගුණයක් විශාල නිසාය.අපේ කඩේ බඩු ගණන් නැත. ඒ එහි විකුණන්නට බඩු නැති නිසාය (බඩු නැත්තේද නැත).බඩු වෙනුවට ඇත්තේ ඉල ඇදෙන කතා ය.අපේ කඩේ හුග දෙනෙක් කතා කියන්නට දක්ෂය.කතා හදන්නට ගොඩාක්ම දක්ෂය. එක කොනකින් කතාවක් එලියට ආ විට අනික් කොනින් කතා 100ක් විතර එයි.කතා නතර වන්නේ එක්කෝ lecture 1 කට වෙලාව ලං ඌ විටය.lecture කියද්දී තවත් යමක් මතක් වෙයි.ඒ අපි lecture යන්නේ බොහොම කලාතුරකින් බවය.

කියන්නට නම් කතා එමටය.නමුත් ඒ සියල්ල දැන් මෙතන ලිවීමට ගියොත් සිදු වන්නේ physics ලැබ් රිපෝට් 1 ලිවීමට නොහැකි වීමය.එවිට  ලැබ් එකේදී වාත වීමට සිදු වේ.වාත වීම අපිට දිරවන්නේ නැත.ඒ අප කිසිවෙක් හැඩට වාත වී නැති නිසාය.ඒ නිසා තවත් බොහෝ රස කතා පස්සට.දැනට සමු ගනිමි….